Home Opinion දැනුම උදෙසා කියවීම

දැනුම උදෙසා කියවීම

6 second read
0
5
2,777
reading_for_knowledge_nightowls_lk

 

මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන්ම මිනිසා දැනුම සොයා යන්නට වූ අතර ඒ අනුව ඒ ඒ යුග වලදී දැනුම සඳහා ලබා දුන් නිර්වචනයන් ද එකිනෙකට වෙනස් විය. මෙම දැනුම එක් පරම්පරාවකින් අනිත් පරම්පරාව වෙත පැවරීමේ අපුරු මෙවලමක් ලෙස ඒවා සටහන් කොට තැබීම සිදු වූ අතර අද වන විට එය පොත පත රචනා කිරීම සහ නවීන තාක්ෂණයේ ආශිර්වාදය ද ඇතිව විද්‍යුත් පොත් (e books) සැකසීම දක්වා විකාශනය කර තිබේ.amila_muthukutti_nightowls_lk ඉතා වේගයෙන් වෙනස් වන ලෝකයේ දැනුමෙහි ආයු කාලය ඉතා කෙටිය. එනම් නිරතුරුවම නව දැනුම එකතු වන බැවින් තමන්ගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට පුද්ගලයන්ට සිදු වෙයි. දැනුම බෙදා හදා ගැනීමේ මාධ්‍යන් කෙතරම් පැවතිය ද පොත් කියවීමට හිමි වන්නේ ඉහල ස්ථානයකි. පොත් කියවීමෙන් දැනුම සහ රස වින්දනය ලබා ගැනීම තරමක් සම්ප්‍රදායික ක්‍රමවේදයක්  ලෙස පෙනුනද මේ තරම් තාක්ෂණය දියුණු කාල වකවානුවක වුවද පොත් කියවීම මිනිසා තුලින් නොනැසී පැවතීම පුදුමයෙකි. විශේෂයෙන්ම මේ ගෙවී යන්නේ කියවීමේ මාසය යි. එනම් පොත් වැඩියෙන්ම අලෙවි වන මාසයයි. එසේත් නැතහොත් මිනිසුන් අනෙකුත් අවශ්‍යතා පසෙක ලා පොත් මිලදී ගැනීමට මුදල් වියදම් කරන කාලයයි.

සුප්‍රකට ලේඛකයෙක් වන රොබින් ශර්මා වරක් පැවසුයේ සාමාන්‍ය මිනිසුන් විශාල ප්‍රමාණයේ රූපවාහිනී මිල දී ගත්තද සුවිශේෂී මිනිසුන් විශාල පුස්තකාල වලට ආශා කරන බවයි. එසේම කියවීම මිනිසා සම්පුර්ණ කරයි යනු පොත් කියවීම පිළිබඳව ඇති තවත් කියමනකි. ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වූ වුඩ්රෝ විල්සන් (Woodrow Wilson) වරෙක ප්‍රකාශ කළේ තමා මිල දී ගත් පොත ලියූ ලේඛකයා සමග පැය භාගයක් හෝ කතා කිරීමට හැකි නම් තමා එවැනි ආකාරයේ පොත් කිසිදා නොකියවන බවයි. ලෝක ප්‍රකට ජපන් ලේඛකයෙකු වන හරුකි මුරකාමි (Haruki Murakami) ප්‍රකාශ කළේ ඔබ අනෙකුත් සියලු දෙනාම කියවන පොත් පරිශීලනය කරන්නේ නම් ඔබට සිතිය හැකි වන්නේ ද අනෙක් මිනිසුන් සිතන ආකාරයටම පමණක් වන බවයි. මේ සියලු ප්‍රකාශ මගින් පොත් කියවීමේ වටිනාකම විවිධ පැතිකඩයන්ගෙන් විස්තර කෙරේ.

තාක්ෂණික මෙවලම් භාවිතයට මිනිසා ඇබ්බැහි වීමත්, facebook සහ twitter වැනි සමාජ මාධ්‍ය ජාලයන් තුල මිනිසා ජීවත් වීමට පුරුදු වීමත් සමග පොත් කියවීමෙන් තමන් ඈත් වන බවට මිනිසා තුල ස්වයං විවේචනයක් පවතී. මෙම ගැටලුව ශ්‍රී ලාංකේය සන්දර්භය තුල සාකච්ඡා කරන කල පෙනී යන්නේ කොළඹ පැවැත්වුණු අන්තර්ජාතික පොත් සල්පිළ වෙත ඇදී ආ ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් ඉහත සදහන් කළ ගැටලුවට විරුද්ධව සාක්ෂි සපයන බවයි. සියල්ල විකිණෙන ලෝකය තුල පොත් පත් වුවද වාණිජකරණයට ගොදුරු නොවුයේ නම් එය පුදුම සහගතය. කෙසේ වෙතත් මේ වන විට බොහෝ දෙනෙකු පොත් මිල දී ගෙන අවසන්ය. එවැනි ආකාරයේ විශාල පොත් අලෙවියක් රට තුල සිදු වීම පොත් රචකයන් දිරිමත් කරන්නකි. නමුත් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම පමණක් පොත් මුද්‍රණය වන්නේ නම් එයද ගැටලුවකි. කුමන තත්වයක් තුල දී වුවද පාඨකයාට තමන්ට අවශ්‍ය හොඳ පොතක් මිල දී ගැනීමේ හැකියාව ද අයිතිය ද පවතී නම් දැනුම උදෙසා කියවන පාඨක පිරිසක් බිහි වීම වැළැක්විය නොහැකිය.

මිනිසා පොත් කියවිය යුත්තේ දැනුම උදෙසා ද එසේත් නොමැති නම් හුදු රස වින්දනය උදෙසා ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් දිය නොහැකිය. මන්ද යත් රසවින්දනය මුලික කොටගෙන ලියැවුණු පොතක වුවද දැනුම සඳහා කිසියම් ඉඩ කඩක් වෙන් වීමයි. ඇතැම් දෙමාපියන් තම දරුවන්ට නව කතා, කෙටි කතා ආදිය නොකියවන ලෙසත් විෂයානුබද්ධ පොත් පමණක්ම කියවීමෙන් විභාග ජයග්‍රහණයට මග පාදා ගන්නා ලෙසත් තරවටු කරනු දක්නට ලැබේ. නව කතා, කෙටි කතා තුල ද ඇත්තේ අප සමාජයේම දක්නට ලැබෙන විවිධ චරිතය. ඔවුහු නොයෙක් ප්‍රශ්න වලට අභියෝග වලට මුහුණ දෙති. ඒවායින් ජය ගනිති. ඇතැම් විට අසාර්ථක වෙති. මේවා කියවීමෙන් පුද්ගලයෙකු ලබා ගන්නා ජීවිතාවබෝධය සුළුවෙන් තැකිය නොහැකිය. සැබෑ ජීවිතයේ දී වුවද ප්‍රශ්නයක් ගැටලුවක් ආ කල ඒවාට පිළියම් සෙවීමටත්, ඒවා සාමාන්‍යකරණයට ලක් කරමින් එහි පීඩනය අවම කර ගැනීමටත් මෙවැනි කියවීම් උපකාරී වෙයි.

පොත් සල්පිල වෙත පැමිණ පොත් මිල දී ගත් සියලු දෙනාටම ඇති අභියෝගය වන්නේ මිල දී ගත් පොත් කියවීමයි. පොත් වලට ඇති ආශාව නිසාවෙන්ම බොහෝ පොත් මිල දී ගත්තද එම පොත් කියවීමට කාලයක් සොයා ගැනීමට නොහැකි බවට බොහෝ දෙනා මැසිවිලි නගති. කාලය කා දමන තාක්ෂණයේ වහලෙකු නොවී පොත් කියවීමට ඇති කාලය සහ රුචිය වර්ධනය කර ගැනීමට සියල්ලන්ම කටයුතු කළ යුතුය. ඔබ කියවන පොත කුමක් වුවද අවසාන වශයෙන් එය දැනුම උදෙසා ය. කියවීමෙන් ලබා ගන්නා දැනුම තමන්ගේ ඇවතුම් පැවතුම් වලින්, කතා බහෙන් පිළිබිඹු වන්නේ නම් ඔබ පොත් මිල දී ගැනීමට වැය කළ මුදල් ඵලදායී වනු ඇත.

Load More Related Articles
Load More By NightOwls
Load More In Opinion

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…