Home Opinion උබුජ සහ සිංහල බෞද්ධ සාරය 

උබුජ සහ සිංහල බෞද්ධ සාරය 

8 second read
0
2
795
Anuradhapura-3

සටහන – නාලක ජයසේන

සහකාර කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය

 

nalakajayasena_nightowls_lkරාජ්‍යයේ දේශපාලන ව්‍යූහය, රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා රාජ්‍ය නිලධාරීන්ගේ පරිපාලනය යනාදී සංරචක රැසක එකතුවක් වන රාජ්‍ය පාලනයෙහිලා, අනුන් නොනසමින් නොනස්වමින් නොදිනමින් නොදිනවමින් ශෝක නොකරමින් ශෝක නොකරවමින් දැහැමෙන් සෙමෙන් බල චක්‍රය ප්‍රතිවර්තනයේදී අතීතයෙන් ලද දර්ශනය වන්නේ ” ගමයි පන්සලයි වැවයි දාගැබයි කහ සිවුරයි නිල් ගොයමයි ” යන්නයි. පසුගිය දිනෙක ප්‍රසිද්ධ සභාවක එම තේමාවෙන්  අප අදහස් දැක්වූ කල, එක් වියතකු එම දර්ශනය හෙළයේ යම් සාහිත්යික නිරූපණයක තිබේදැයි විමසන ලද අතර, එයට පිළිවදන වන්නේ එය සාහිත්‍ය කාව්‍යකෘති කෙරෙන් ප්‍රතීයමාන නොවන්නේත් පොතින් මතුනොව නෙතින් දැක ගත හැකි ඉන්ද්‍රීය ප්‍රත්‍යයක්ෂයක් වන නිසා බවයි. වෙනත් අතකින් කිවහොත් එය වනාහී සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සාරයයි. සිංහල බෞද්ධ යනු සංස්කෘතියකි. උබුජ ඇතැම් විට එම සාරය වෙනුවට සාම නිර්මාණ සංහිඳියා ජාතික සමෝධාන අභිලාෂවලදී මතු කර නොගත යුතුයැයි සේම මැතිවරණ සිතියමකදී පවා ආමන්ත්‍රණයට ලක් නොකර යුතුයැයිද සිතනු ඇත. එහෙත් එම සිතීමම (චින්තනය නොවේ) මතුවන්නේද ඒ සිංහල බෞද්ධ සාරයෙන්ම බව උබුජ නොදන්නවා විය හැකිය.

සිංහළ බෞද්ධ ශිෂ්ටාචාරයේ සාරය රාජ්‍යමය බල ධ්‍රැවීකරණයකදී මතු නොව පෞද්ගලික විමෝක්ෂයකදීද කොතරම් වැදගත්ද යන්න අවබෝධ කරගත යුතුව ඇත්තේ එහි ඇති සමබර – සමබල බවිනි. එහිලා දාර්ශනික වියමනකදී විසංයෝජනමය ද්විත්ව (duality) හෝ ක්වන්ටම් අංශු තරංග සිද්ධාන්ත (wave particle nature) යනාදියද කෙනෙකුට සංකීර්ණ ප්‍රවේශයකදී යොදාගත හැකිය. නමුත් සරලව විමසන කල්හි එම සම තලය වනාහී මැදුම් පිළිවෙත ගුරුකොට – ගරුකොටගත් ජාතියක පෞරුෂය වන්නේය. නුමුත් එම පෞරුෂ කශේරුකාව ප්‍රපෝෂිත ආහාර අධ්‍යාපනය සහ ජනසන්නිවේදනමාධ්‍ය ඔස්සේ නොලැබීම කරණ කොට ගෙන හාත්පසින්මැ බෙලහීන ජාතියක් බවට සිංහල බෞද්ධයා පත්වෙමින් පවතියි. නැත්නම් දැනටමත් පත්ව ඇත. අවිනිශ්චිතාර්ථයෙන් ඒ දක්වන්නේ යට කී සාරය මනින ඒකකයක් එම සාරය කෙරෙන් ප්‍රතීයමාන නොවන බැවිනි.

සරලව මෙසේ සිංහල බෞද්ධ සාරය (core of Sinhala Buddhist) නිදර්ශනය (demonstrate) කළ හැකිය.

ලෞකික – ලෝකෝත්තර

ගම  – පන්සල (ක්ෂේත්‍රය)

වැව – දාගැබ (අජීව සංකේත)

රන්ගොයම – කහ සිවුර (සජීව චලිතය)

උගත් බුද්ධිමත් ජනතාව හෙවත් උබුජ බිහිවන්නේ බටහිර අධ්‍යාපනයේ ආභාසයෙනි. පෙරදිගවාසී අධ්‍යාපනය ඇතුළාන්තය වෙත භාවනාවෙන් දැනුම සොයා ගමන් ගත්තද අපරදිගවාසී ජනතාව බාහිර ඔස්සේ දැනුම සොයා ගියහ. අනුරාධපුර පොළොන්නරු සීගිරි සම්ප්‍රදාය කවර මතවාද ගැටුම් ආක්‍රමණ තිබුණද එකී ඇතුළාන්ත දර්ශනයෙන් වෙනස් නොවිණ. නමුත් ජාතික දියුණුවෙහිලා බලාත්මක ගැටලුව වන්නේ යළි ඒ සම්ප්‍රදාය බලගැන්විය නොහැක්කේ මන්ද යන්නයි. මේ ලියමන කෙනෙකුට එකවර වැටහිය හැකිය. තව කෙනෙකුට එසේ එකවර වැටහිය නොහැකිය. එය එසේ වන්නේ අපගේ භාෂා චර්යාව නිසා බව මතුපිටින් බැලූ කල පෙනෙනු ඇත.

නමුත් එය එසේ වන්නේ උබුජ විසින් අත්හළ යම් ආස්ථානයක් නිසාය. එනම් අප සතුව පැවතුණ පිරිවෙන් අධ්‍යාපනය ගිලිහීමත් සමගිනි. එහි වණපොත් කිරීමේ මෑත අතීතය නොව අනුරාධපුර යුගයේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලයීය ශික්ෂණය තුළ ගැමි ජනතාව පවා ව්‍යක්ත විශාරද විය. එය සිදුවූයේ ධර්ම ඥානයත් සමගිනි. ඒ ගැන සාක්ෂ්‍ය පෙන්වීමට අප අපොහොසත් වුවද සමෘද්ධිමත් ජාතික නෂ්ටාවශේෂ දෙස් දෙන්නේ ඒ ජාතික සාක්ෂරතාවයි. වර්තමාන සමාජ සංවර්ධන දර්ශක වන භාෂා සාක්ෂරතාව හා පරිගණක සාක්ෂරතාව මෙන් එදා ජනතාවටද ධර්මඥාන සාක්ෂරතාවක් තිබිණ.මුහුණු පොත ඔස්සේ රටක් වෙනස් කළ හැකිද යන ආඛ්‍යානය අප තොරතුරු යුගයේ ජීවත් වීම නිසා පැන නගින ගැටලුවක් විනා  සමාජ සත්තාව ආශ්‍රිත ගැටලුවක් නොවේ.

මේ ලිපියෙහි යම් සාරාංශයක් සරලව දක්වන්නේ නම් , දිගුකල්පවතින ගොඩනැගිල්ලක ශක්තිමත් පාදමක් තිබිය යුත්තා සේම, වාසුළි අබිමුව අකම්ප්‍ය වනස්පතියක මුදුන් මුලක් තිබිය යුත්තා සේම අදීන ජාතියකට සංස්කෘතික පදනමක් තිබිය යුතුය. අපේ ජාතික පදනම ”ගමයි පන්සලයි වැවයි දාගැබයි රන්ගොයමයි කහ සිවුරයි” වන්නේ එබැවිනි. එහි අදහස වස්කාලයට දන් සීට්ටුවට අනුව පන්සලට දානය ගෙන යෑම නොවේ. ලෙඩට දුකට විභාගෙට පන්සලට ගොස් බෝධි පූජා තැබීමද නොවේ. ඒ මතුපිට කරුණු කෙරේ ඇති යටි අරුත වන ලෞකික-ලොව්තුරු සමබරත්වයයි. එය ගිහි පරමාදර්ශයයි. අටලෝදම හුරු හෙළයා යනුවෙන් ගී පද බිහිවන්නේ ඒ සමතලය මතිනි. අපගේ ඉතිහාස දැක්ම ආධ්‍යාත්මික සංවර්ධනය පිණිස යොමුව පවතී. එහෙත් අද ඒ වෙනුවෙන් උගත් බුද්ධිමත් ජනතාව සක්‍රීය පිළිවෙතක පිහිටා තිබේද? නැත. එසේ නම් එදා වැනි අභිමානවත් ඉතිහාසයක් වත්මන ඔස්සේ අනාගතයේ නොලියැවෙනු ඇති බව හුදී ජන පහන් සංවේගය පිණිස මෙසේ සටහන් කර තැබිය යුතුය.

 

 

Load More Related Articles
Load More By NightOwls
Load More In Opinion

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…